ටයිගර් - ඩිෂා විවාහ ගිවිස ගෙන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-190

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වන ටයිගර් ෂෙරෝෆ් හා ඩිෂා පටානි දෙදෙනා පිළිබඳව පසුගිය කාලයේ නිරන්තරයෙන්ම බොලිවුඩ් පුරය තුළ කතා බහක් ඇති විය. ඒ ඔවුන් දෙදෙනා අතර ඇති ප්‍රේම සම්බන්ධ ප්‍රසිද්ධ වීමත් සමගය. පසුගියදා පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබුණ ‘ආදරවන්තයන්ගේ දිනය’ වෙනුවෙන් ඩිෂා මෙන්ම ටයිගර්ද සිය ‘ටිවිටර්’ ගිණුම් හරාහා ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කර තිබෙන අතර, ඉන් සටහන්ව ඇත්තේ ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගත් පුවතක්ය.

දෙදෙනාම සිය ඇඟිළි වල මුදු පැළඳගෙන සිටින අතර, දෙදෙනාගේම ඡායාරූපවල ‘ආදරවන්තයන්ගේ දිනය තුළ ලැබුණ හොඳම තැල්ල’ ලෙස සටහනක්ද එම ඡායාරූපයට එක් කොට ඇත. බොහෝ දෙනෙකු පවසන්නේ ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියකින් තොරව තම විවාහ ගිවිස ගැනීම සිදුකොට ඇති බවය.

 

2019-02-20-ent-191