ටයිගර් ගේ කැප වීම
ටයිගර් ෂ්රොෆ් සහ ඔහුගේ පෙම්වතිය දිශා පටානි ර`ග පාන බාගි 2 චිත‍්‍රපටිය ලොකු මුදලක් වැය කර නිෂ්පාදනය කරන්නට සැලසුම් කර තිබේ. මෙහි වැඩිපුර ඉඩ වෙන් කර ඇත්තේ කි‍්‍රයාදාමවලටය. මෙය මෙතෙක් ටයිගර් රග පෑ චරිතවලට වඩා වෙනස්ම චරිතයක් බැව් කියන්නේ එහි අධ්‍යක්ෂ අහමඞ් ඛාන්ය.
මෙහි එක් ගීතයක් මුම්බායිවල ඉහළ පෙළේ දර්ශන තලයක රූගත කරනු ලබන අතර ටයිගර් සරසවි සිසුවෙකු ලෙස රග පාන නිසා පූනේවල සරසවියක ද විශාල දර්ශන තලයක් නිර්මාණය කෙරෙනු ඇත. දරුණු ආකාරයේ කි‍්‍රයාදාම දර්ශන වැඩි කොටසක් රූගත කෙරෙන්නේ චීනයේ හා තායිලන්තයේය. ගෝවේ සහ ලඩාක් හිදී ද ඇතැම් දර්ශන රූගත කරන්නට නියමිතය.
සැප්තැම්බර් මාසයේදී ටයිගර් ආත්මාරක්ෂක සටන් කලාවක් වන වූෂූ හි වෙනස් වෙනස් ක‍්‍රම පුහුණු වීම ස`දහා හොන් ලොන් කරා යන්නට නියමිතය. ඔහුට මේවා පුහුණු කරන්නේ කි‍්‍රයාදාම චිත‍්‍රපටි අධ්‍යක්ෂවරයෙකු වන ටෝනි චිං ය. මේ අතර ටයිගර් සහ දිශා කඹ මත ඇවිදගෙන යන ආකාරය ද පුහුණු වෙමින් සිටිති.