ටයිගර් කෝටි 18ක නිවසක් ගනි
අති සාර්ථක චිත්රපට කිහිපයකම රඟපෑ බොලිවුඩ් යොවුන් සිනමා නළු ටයිගර් ෂෙරෙෆ් පසුගියදා ඉන්දියාවේ මුම්බායි නගරයේ දකුණු පැත්තේ මුහුදු වෙරළට ආසන්නය කෝටි 18ක නිවසක් තනා තිබේ. මෙම නිවස කාමර අටකින් සමන්විත අතර, එහි මුහුණත මුහුදු වෙරළට පිහිටා ඇති බවට වාර්තා වේ. මෙම නිවස ගෟහ නිර්මාණ කටයුතු සිදු කොට ඇත්තේ ජනප්රිය සිනමා නළු ජෝන් ඒබ්රිහිම්ගේ බාල සොහොයුරා වු ඇලන්ය. ටයිගර් මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ නිවස සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මිළඳි ගත් එකක් බවයි.