ටප්සු සර්බියාවේ ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-20-ent-65

සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා බොලිවුඩ් සිනමා නිළි ටප්සු පන්නු මේ දිනවල සර්බීරියාවේ සංචාරයක නිරතව සිටින බව වාර්තා වේ. ඒ සාහිඩ් අලී අධ්‍යක්ෂණය කරන ‘සෝර්මා’ චිත්‍රපටය සඳහාය. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මීට පෙර ඉන්දියාවේ චන්දිගර් හා උත්තර් ප්‍රදේශ් වල සිදු වූ අතර, සර්බියාවේ මේ වනවිට එහි අවසන් රූපගත කිරීම් කටයුතු සිදු කරන බව සඳහන් වේ.

මේ වසරේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් ටප්සි දැනට තරුණ පිරිස් අතර, වඩාත් ජනප්‍රිය යොවුන් සිනමා නිළියක් බවට පත්ව සිටියි. ඇය මේ වසරේ රංගනයෙන් දායක වූ ‘නාම් සබානා’ චිත්‍රපටය වඩාත් ප්‍රේක්ෂක අවධානය දිනාගත් චිත්‍රපටයක් ද විය. ‘සෝරාමා’ චිත්‍රපටයද සමගින් ටප්සි ලබන වසරේ බොලිවුඩ් හා තෙළෙඟු චිත්‍රපට 6කින් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි.