ටප්සි පන්නු දින 45කට ගෙදර
ජනප්රිය සිනමා නිළි ටප්සි පන්නු මේ වනවිට මුම්බායිහි සිය නිවසට පැමිණ තිබෙන බව සඳහන් වේ. මාස කිහිපයක් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස් විවිධ රූපගත කිරීම් සඳහා එක්වෙමින් සිටින ටප්සි ඉදිරි දින 45ක කාලයක් විවේකයෙන් සිටීමට තීරණය කර තිබේ.
ඇය පවසන අන්දමට වසර කිහිපයකට පසුව තමාගේ උපන්දිනයද සිය පවුලේ සාමාජිකයන් සමග සැමරීමට අවස්ථාවද මෙවර ලැබී තිබෙන බවය. ටප්සිගේ 29 වැනි උපන්දිනය අගෝස්තු 01 වැනිදාට යෙදී ඇත. මෙම විවේකය ගැනීමට පෙර ඇය ‘ජුඩ්වා’ චිත්රපටය සමගින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සිදුකරන ලැබූ රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව සිටියි.