ටප්සි නැවතත් සිය කලා කටයුතුවලට
බොලිවුඩ් හා කොලිවුඩ් චිත්රපටවල නිතර දකින ටප්සි පන්නු පසුගිය දිනවල සිය පෙම්වතා සමගින් මාලදිවයිනේ නිවාඩුවක් ගත කරමින් සිටියේය. සිය නිවාඩු නිමා කරමින් මීට දින කිහිපයකට පෙර ඇය ඉන්දියාවට පැමිණ තිබුණ අතර, ඇය මේ දිනවල යළිත් සිය කලා කටයුතු සමග එක්ව සිටින බව වාර්තා වෙයි.
මිලියන 20කට ආසන්න ප්රමාණයක් සිටින සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම තුළ මාලදිවයිනේදී සිය පෙම්වතා සමගින් ගත් ඡායාරූප රැසක් පළකොට තිබුණ අතර, ඒවාට ඇයගේ රසික, රසිකාවියන්ගෙන් ඉහළ ප්රතිචාරද හිමිව තිබුණි. කෙසේ වෙතත්, ඇයට යළිත් ඉන්දියාවට යළි පැමිණි විගසද ‘කොවිඩ්’ පී.සී.ආර්. පරික්ෂණයට මුහුණ දීමට සිදුවු අතර, දින කිහිපයක් සිය නිවසේදී ස්වයං නිරෝධායනය වීමට සිදුවිය.