ටප්සි, ඉලේනා බොලිවුඩයට?
දමිළ සිනමාව හරහා රංගනයට පිවිසි ටප්සි පන්නු හා ඉලේනා ඩී ක_ස් මේ වනවිට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ බොලිවුඩ් චිත්රපට සඳහාය. අවසන් වරට ටප්සි කොලිවුඩ් චිත්රපටයක් සඳහා සම්බන්ධවී තිබුණේ 2015 වසරේ තිරගත වූ ‘කංචනා’ දෙවැනි චිත්රපටය. ඉලේනා අවසන් වරට දමිළ චිත්රපටයක් සඳහා සම්බන්ධ වී තිබුණේ 2012 වසරේදීය. ඒ ‘නන්බන්’ චිත්රපටය සඳහාය.
සිනමා විචාරකයන් පවසන්නේ ඉදිරියේදී ටප්සි මෙන්ම ඉලේනා දමිළ චිත්රපටවල දකින්නට නොලැබෙනු ඇති බවය. මන්දයත්, ඔවුන්ට මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළ ඉහළ ඉල්ලුමක් නිර්මාණයවී ඇති බැවිනි. මොවුන්ට අමතරව තමන්නා භාටියාටද බොලිවුඩ් සිනමා නිර්මාණ සඳහා වැඩිපුර ආරාධනා වර්තමානය වනවිට ලැබෙමින් පවතින බවටද තොරතුරු වාර්තා වේ.