ජෝර්ජියා හා අබ්බාස් අතර ප්‍රේම සම්බන්ධයක් නැද්ද?
කාලයක් තිස්සේ පෙම්වතුන් ලෙස මාධ්‍යය ඉදිරියේ ප්‍රසිද්ධව සිටින ඉතාලි නිරූපිකාවක් වන ජෝර්ජියා ඇන්ඩ්‍රියා හා සල්මාන් ඛාන්ගේ සොහොයුරු අර්බාස් ඛාන් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට තමන් කිසිම මොහොතක ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කොට නොමැති බව ජෝර්ජියා පසුගියදා එක්තරා බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් සමග කළ සකාච්ඡාවකදී පවසා ඇත.
ඇය පවසන්නේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු සමග සමිපව සිටින ඕනෑම කෙනෙකුට එවැනි විවිධ ප්‍රතිචාර ලැබෙන බවය. එමෙන්ම ජෝර්ජියා වැඩිදුරටත් පවසා තිබුණේ අර්බාස් හා තමන් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට කිසිදු අවස්ථාවක සඳහන් කර නොමැති බවය. ඒ නිසාවෙන් තමන් හා අර්බාස් අතර කිසිදු අවස්ථාවක ප්‍රේම සම්බන්ධයක් පවතින බවට විශ්වාස කිරීමද පලක් නොමැති බව ඇය පවසා ඇත.