ජෝර්ජ් ක්ලූනි යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි
සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි, අමෙරිකානු චිත්‍රපට ආයතනය මගින් ජීවිතකාලය සඳහා එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවති එම උත්සවයේදී ජෝර්ජ් ක්ලූනි පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ වන මානව හිමිකම් නීතිඥ අමාල් ක්ලූනි කළ කතාව ඔහුගේ නෙත් කඳුළින් තෙත් කිරීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.