ජෝනාස් පවුලට අලුත් සාමාජිකාවක්..
සුප්‍රකට කලා පවුලක් වූ ජෝනාස් පවුලට පසුගියදා අලුත් සාමාජිකාවක් එක් විය. ඒ පොප් ගායක ජෝ ජෝනාස්ට හා සිනමා නිළි සොෆියා ටර්නර්ට දාවය. ඔවුන් දෙදෙනාගේ අලුත උපන් බිළිඳියට නම් තබා ඇත්තේ විල්ලා ජෝනාස් ලෙසය. මෙය ඔවුන්ගේ පළමු දරුවා වීම විශේෂත්වයකි.
සොෆියා හා ජෝ දෙදෙනා පසුගිය වසරේ විවාහ වූ අතර, එයද ඉතා රහසිගතව සිදු විය. සිය පළමු දරු උපත පිළිබඳව සොෆියා මෙන්ම ජෝද කිසිවක් ප්‍රසිද්ධියේ පළ නොකළමුත් සොෆියා ගැබිගත් වහාම එය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනු ලැබිය. මේ වන විට ජෝනාස් පවුලට සම්බන්ධ සියලුම සාමාජික, සාමාජිකාවෝ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ජෝනාස් නිවසේ රැඳි සිටින බව සඳහන් වේ.