ජෝන්ගේ මීළඟ චිත්‍රපටය ‘රුකුල් සිං’
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්‍රිහිම් නිෂ්පාදනය කරන සිය අලුත්ම චිත්‍රපටය ‘ඇටෑක්’හි ප්‍රධාන නිළි චරිතය සඳහා දකුණු ඉන්දීය සිනමා නිළි රුක්ල් ප්‍රිත් සිං තෝරා ගෙන ඇතැයි වාර්තා වේ. එමෙන්ම ශ්‍රී ලංකා රූපරාජිණි ජැකලින් ෆර්නැන්ඩස් මෙම චිත්‍රපටයේ එන තවත් කාන්තා චරිතයක් සඳහා තෝරා ගෙන ඇතැයි වාර්තා වේ.
‘ඇටෑක්’ චිත්‍රපටය ලක්ෂ්‍යා ආනන්ද් විසින් අධ්‍යක්ෂනය කිරීමට නියමිත අතර, එහි රූපගත කිරිම් කටයුතු එළැඹෙන ජනවාරියේදී ආරම්භ වීමට නියමිතව ඇත. රුකුල් මේ වසරේ තිරගත වූ ‘දේ දේ ප්‍යාර් දේ’ බොලිවුඩ් චිත්‍රපටයේ අජේ දේව්ගන් සමගින් රංගනයෙන් දායක විය.