ජෝන්ගේ බිරිඳ ප්‍රසිද්ධියේ
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නව ජෝන් ඒබ්‍රිහිම්ගේ බිරිඳ ප්‍රියා රන්චල් පසුගියදා ප්‍රසිද්ධියේ දක්නට ලැබුණ පුවතක් බොලිවුඩයෙන් වාර්තා වේ. ඒ ජෝන් ඒබ්‍රිහිම් නිෂ්පාදනය කළ ‘පරමාණු ද ස්ටෝරි පොක්රාන්’ චිත්‍රපටයේ මංගල දර්ශනයේදීය.
2014 වසරේදී විවාහ දිවියට එක්වූ ජෝන් හා ප්‍රියා සිවුවසරකට පසුව මෙසේ ප්‍රසිද්ධියේ පෙනී සිටිම බොහෝ දෙනෙකුට පුදුමය දනවන කාරණයක් විය. එයට හේතුව නම් ඔවුන් දෙදෙනා දික්කසාද වු පුවතක්ද පසුගිය කාලයේ නිතර නිතර ඇසෙන්නට වීම නිසාවෙනි.
කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා මෙසේ ප්‍රසිද්ධියේ එකට පෙනී සිටිමත් හරහා ඔවුන් දෙදෙනා තවමත් අඹුසැමියන් ලෙස ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන බවට සාක්ෂියක් වි ඇත.