ජෝන් සීනා මුල් තැන දෙන්නේ?
මේ වනවිට සිනමා නළුවෙකු ලෙස කාර්යබහුලව සිටින සුපිරි මල්ලවපොර ශූරයෙකු වන ජෝන් සීනා පසුගියදා එක්වූ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ තමන් සිනමා රංගනයට පිවිසුණද මුල් තැන දෙන්නේ තමා ජනප්‍රිය කළ මල්ලවපොර පිටියට බවය. 42 වැනි වියෙහි පසුවන ජෝන් සීනා මීට වසර 20කට පෙර විනෝදාත්මක මල්ලවපොර පිටියට පිවිස ඇත. මේ දක්වා එහි ලෝක ශූරතා රැසකටම හිමිකම් කියන සීනා පසුගිය වසර කිහිපයේදීම වැඩි දායකත්වයක් හොලිවුඩ් චිත්‍රපට සඳහා ලබාදී තිබුණි.