ජෝන් තවත් ක්රියාදාම චිත්රපටයකට අතගසයි
අති සාර්ථක වූ ‘පරමානු - ද ස්ටෝරි පෝක්රන්’ චිත්රපටයෙන් පසුව එවැනිම යුදමය චිත්රපටයක් සඳහා එක්වීමට බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්රිහිම් සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. ‘පරමානු’ චිත්රපටය මෙන්ම මෙහිද නිෂ්පාදන දායකත්වයට ජෝන් ඒබ්ර්හිම් එක්වන අතර, චිත්රපටයේ වැඩ කටයුතු එළැඹෙන ජනවාරියේදී ආරම්භ කිරීමට නියමිතව ඇත. ‘බට්ලා හවුස්’ නම් මෙම චිත්රපටය ලබන වසරේ අගෝස්තු 19 වැනිදා ප්රදර්ශනය කිරීමට නියමිතව ඇත අතර, එහි ඔහු නවක නිළි මුර්නාල් ඨාකුර් සමගින් ප්රධාන චරිතයට එක්වෙයි. මේ වසරේ ජෝන් රංගනයෙන් දායක වූ ‘පරමානු’ හා ‘සත්යෙම්වා ජායති’ චිත්රපට අති සාර්ථක ඒවා බවට පත් විය.