ජෝන් ඒබ්රහම්ගේ පරමානු පාකිස්තානයට
වසර දෙකක නිහඬියාව බිඳ දමමින් නැවත වරක් ජෝන් ඒබ්රහ සිනමා නිර්මාණයක් ඔස්සේ කරළියට පැමිණෙයි. ඔහු රංගනයෙන් දායක වන ‘පරමානු’ චිත්‍රපටය ඉන්දියාවේ මෙන්ම පාකිස්තානයේ සිනමා ශාලා 300ක තිරගත වීමට නියමිත බව එහා අධ්‍යක්ෂකවරයා වන අභිශේක් ෂර්මා පවසා ඇත. 1998 වසරේ සිදු වූ සත්‍ය සිදුවීමක් අලළා මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. මැයි 25 වැනිදා මෙම චිත්‍රපටය තිරගත කිරීමට නියමිතය.