ජෝන් ඒබ්‍රහම් නැවතත්
බොලිවුඩ් සිනමාවේ කඩවසම් රංගන ශිල්පියා ලෙස බොහෝ දෙනා හඳුන්වනු ලබන ජෝන් ඒබ්‍රහම් නැවතත් සිනමා නිර්මාණයකින් දැකගැනීමට අවස්ථාව උදා වී තිබේ. ඒ මෙම වසරේ මැයි මාසයේ එළිදැක්වීමට නියමිතව ඇති ‘Parmanu: The Story of Pokhran’ චිත්‍රපටය ඔස්සේය. ඔහු අවසාන වශයෙන් රංගනයට දායක වූයේ 2016 වසරේ එළිදැක් වූ ‘Force 2’ චිත්‍රපටයටය. ඔහු නැවත සිනමාවට පිවිසෙන්නේ වසර දෙකකට පසුවය.