‘ජෝකර්’ චිත්රපටය ‘ස්කොප්’ සිනමා ශාලාවේ
ක්රියාදාම චිත්රපටයක් ලෙස දිගහැරෙන ‘ජෝකර්’ චිත්රපටය මේ දිනවල ශ්රී ලංකාවේ ‘ස්කොප්’ සිනමා ශාලාව ප්රදර්ශනය වන්නකි. ට්රොඩ් පිල්ප්ස් විසින් අධ්යක්ෂණය කරනු ලැබු මෙම චිත්රපටය ප්රකට ‘වෝනර්ස් බ්රදර්ස්’ චිත්රපට සමාගමේ බෙදාහැරිමක්ද වෙයි.’ආතර්’ යනු විහිළු සපයන්නෙකි. ඔහු සිය මව සමගින් ඇමෙරිකාවේ ගෝතම් නගරයට පැමිණේ. ඒ වන විට විරැකියාවෙන් හා අපරාධවලින් පිරුනු නගරයක් බවට පත් වෙමින් පවතින ගෝතම්හි සිය ජීවිතය ගෙනයාමට ආතර්ට නොහැකි වෙයි. සුළු ස්නායු ආබාධයකින් පෙළෙන්නෙකුද වන ‘ආතර්’ ගැළපෙන හා නොගැළපෙන සියලු අවස්ථාවන්හි සිනාසීම ඔහුගේ එම ස්නායු ආබාධයේ ප්රතිපලයක් වෙයි. මැර කල්ලියක් ඔහුට පහර දේ. එතැන් සිට ඔහු අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නෙකු වෙයි. කතාව දිග හැරෙන්නේ ඒ සිදුවිම් මාලාව හරහාය. ජොකින් ෆීනික්ස් ‘ආතර්’ හා ‘ජෝකර්’ ලෙස පෙනි සිටින අතර, රොබට් ඩී නිරෝ, සුසී බේට්ස්, ෆ්රැන්සිස් කොන්රි ඇතුළු ජනප්රිය නළුනිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙයි.