“ජෝකර්” ඇ.ඩොලර් බිලියනයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව පන්නයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-1264

ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් බිලියනයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පසු කිරීමට “ජෝකර්” සිනමාපටය පසුගිය සති අන්තයේ දී සමත් විය.  

ඒ එම ආදායම් වාර්තාව පසු කළ පළමු R-වර්ගීකරණ චිත්‍රපටය බවට පත්වෙමිනි. ඇමරිකාවේ R-වර්ගීකරණයට අයත් චිත්‍රපට නැරඹීමට පැමිණෙන වයස අවුරුදු 17 ට අඩු සියලු දෙනාම වැඩිහිටි පුද්ගලයෙක් සමඟ සිනමාශාලාවට පැමිණීම අනිවාර්ය වේ.

චිත්‍රකතා චරිතයක් ඇසුරින් නිර්මිත “ජෝකර්” චිත්‍රපටය පසුගිය සති අන්තය වනවිට රැඳී සිටියේ එක්සත් ජනපද බොක්ස් ඔෆිස් දර්ශකයේ හත්වැනි ස්ථානයේ ය.

2019 වර්ෂය සඳහා වූ දර්ශකය (ඇමරිකානු ඩොලර් බිලියන)   

ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්             - 2.79  

ද ලයන් කිංග්                             - 1.65

ස්පයිඩර් මෑන්: ෆා ෆ්‍රොම් හෝම්   - 1.13

කැප්ටන් මාවල්                          - 1.09  

ටෝයි ස්ටෝරි                            - 1.07

ඇලඩින්                                     -1.05

ජෝකර්                                     -1 (මේ වනතෙක්)