ජොනී ඩෙප් ඩිස්නිලන්තයෙන් වැඩ පටන් අරන්
ඩිස්නිලන්යට ලොකු පොඩි ඕනෑම කෙනෙකුට විනෝද වීමට හැකියාවන් ඇති තැනක් ලෙස බොහෝ දෙනා දන්නා කරුණකි. මෙම කාරණා අතරේ වෙනස්ම පුවතක් ඩිස්නිලන්තය පිළිබඳව සඳහන් වේ. ඒ හොලිවුඩයේ සුප්‍රසිද්ධ නළුවෙකු වන ජොනී ඩෙප් ඩිස්නින්තයේ සංචාරයක් වෙත ගොස් ඇති බවය. ඒ විනෝද වීම සඳහා නොවන බව සඳහන්ය.
ඔහු ඒ සඳහා ගොස් ඇත්තේ, "Pirates of the Caribbean" චිත්‍රපටයේ ඔහු රඟපෑ කපිතාන ජැක් ස්පැරෝ ලෙසින් හැඳ පැලඳගෙනයි. ඩිස්නිලන්තයේ "Pirates of the Caribbean" චිත්‍රපටය වෙනුවෙන් වෙන්වූ ස්ථානයේ නිර්මාණය කර ඇති නෞකාව මතට නැගී ඔහු නරඹන්නන් පුදුමයට පත්කර ඇති අතර, එම චිත්‍රපටයේ රංගනය සජීවී ලෙසින් දැකගැනීම පිළිබඳව නරඹන්නන් අතිශයෙන් ප්‍රීතියට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ ආකරයෙන් ඩිස්ලිනත්යට ගොස් ඇත්තේ එම චිත්‍රපට මාලාවේ පස්වැන්න වන "Pirates of the Caribbean: Dead Men Tell No Tales" චිත්‍රපටයේ ප්රචාරක වැඩසටහනක් වෙනුවෙන් බවද සඳහන් වේ. එළැඹෙන මැයි 26 වැනිදා මෙම චිත්‍රපටය එළිදැක්වීමට නියමිත අතර, ඒ පිළිබඳව රසික අවධානය නැවත යොමුකිරීම සඳහා මෙවැනි කටයුත්තක් කර බවද සඳහන් වේ.