ජොනිෆර් ලොරෙන්ස් විවාහය
‘ඔස්කා’ සම්මානලාභිනියක් වන ජොනිෆර් ලොරෙන්ස් පසුගිය පෙබරවාරි මාසයේදී සිය අලුත්ම පෙම්වතා වූ කුක් මරෝනි සමගින් විවාහ විය. සමිපතම මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති මෙම විවාහ ගිවිස ගැනීම ඉතා චාම් මුහුණුවරක් ගත් බව එවකට වාර්තා විය.
කෙසේ වෙතත්, ජෙනිෆර් පවසන්නේ සිය විවාහ උත්සවශ්‍රීයෙන් ගැනීමට තමා අදහස් කරමින් සිටින බවය. එය බොහෝ දුරට ලබන ඔක්තෝබර් මාසයේ විය හැකි බව ඇය ඉඟි ලබාදී තිබේ. එමෙන්ම සිය සැමියා වු කුක් සමගින් මේ දිනවල සිය විවාහය සැලසුම් කරමින් සිටින බවද ඇය පවසා ඇත.