ජොතිකාගෙන් ලක්ෂ 25ක ආධාරයක්
දකුණු ඉන්දීයා සිනමා නිළී ජෝතිකා පසුගියදා තන්ජෝර් හි බ්රහදීශ්වර දේවාලයේ හා එම ප්රදේශයේ ඇති රජයේ රෝහල නඩත්තු කටයුතු සඳහා ඉන්දීය රුපියල් කෝටි 25ක ආධාරයක් ලබා දි තිබෙයි. ඇය තන්ජෝර්හි රූපගත කිරිම් කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී රෝහලේ තත්ත්වය දැක ජෝතිකා මෙම ආධාරය සිදු කළ බව සඳහන් වෙයි.
‘කොවිඩ් 19’ වසංගතය පවතින අවස්ථාවක ඇය විසින් කළ මෙම ආධාර ඉන්දීය රජයේ පැසසුමට ලක් ව ඇති බව වාර්තා වෙයි. එමෙන්ම එමෙන්ම ජෝතිකා විසින් සිය සමාජජාලා ගිණුම් හරහා මුදල් ඇති ඉන්දීය ජනයාට මෙයට දායක වෙන ලෙස ඉල්ලීමක්ද කර තිබෙයි.