ජේසන් සමග වැඩ කරපු ජොන්සන්
අගෝස්තු 02 වැනිදා තිරගත වූ ‘හොබ්ස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 800කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. මෙහි ප්‍රධාන චරිත සඳහා ඩිවොන් ජොන්සන් හා ජේසන් ස්ටෙත්ම් පෙනි සිටින අතර, ඔවුන් දෙදෙනා චිත්‍රපටය ප්‍රධාන චරිත නිරූපණය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
මීට පෙරද ඔවුන් ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපටහි දකින්නට ලැබුණ නමුදු, ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවු පළමු චිත්‍රපටය මෙය වේ. ඩිවොන් පවසන්නේ ජේසන් සමග වැඩ කරන්නට ලැබීම තමාට සතුටක් බවය. එමෙන්ම චිත්‍රපටයේ සාර්ථකත්වයට ඔහුගෙන් ලැබුන දායකත්වයද සුළුපටු නොවන බවද ජොන්සන් වැඩිදුරටත් පවසා තිබේ.