ජේම්ස් බොන්ඩ් කොපි කරපු දමිළ සිනමාව?
කොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණයක් ලෙස එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපටයක් ලෙස ‘විශ්වරූපම් 2’ චිත්‍රපටය හැඳින්විය හැකිය. හෙට (10දා) එළිදැක්වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කරනු ලබන්නේ කමල් හසන් විසිනි. 2013 වසරේ මෙහි පළමු චිත්‍රපටය තිරගත විය.
මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයත් සමගින් චිත්‍රපට විචාරකයන් චෝදනා කරනු ලබන්නේ හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණයක් වූ 007 (ජේම්ස් බොන්ඩ්) චිත්‍රපටය මෙම චිත්‍රපටය විසින් කොපි කර ඇති බවයි. මේ චෝදනා සඳහා පිළිතුරු සපයමින් මෙහි අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන නළුවා වන කමල් හසන් පවසන්නේ, මෙම චිත්‍රපටය තිරගත වීමෙන් පසුව බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇති බවයි.