ජේම්ස් බොන්ඩ් සිනමාපට ත්‍රිත්වයක නිර්මාණකරුවා දිවියෙන් සමුගනී
ජේම්ස් බොන්ඩ් ප්‍රබන්ධ චරිතය ආශ්‍රය කරගනිමින් සිනමාපට ත්‍රිත්වයක් නිර්මාණය කළ බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂ ලෙවිස් ගිල්බර්ට් සිය දිවි ගමනින් සමුගෙන තිබේ. මියයන විට ඔහු 97 හැවිරිදි වියේ පසුවිය. 1920 ලන්ඩනයේ උපත ලැබූ ලෙවිස් ගිල්බර්ට් ළමා නළුවෙකු වශයෙන් සිය කලා දිවිය ආරම්භ කළ අතර “රීච් ෆෝ ද ස්කයි” සහ “කාව් හර් නේම් විත් ප්‍රයිඩ්” නම් යුද සිනමාපට සමඟින් අධ්‍යක්ෂණයට පිවිසුණේය. ඔහු නිර්මාණය කළ පළමු බොන්ඩ් සිනමාපටය “යූ ඔන්ලි ලිව් ට්වයිස්” වේ. ඒ 1967 දිය. “ස්පයි හූ ලවුඩ් මි” සහ “මූන්රැකර්” ඔහු අධ්‍යක්ෂණය කළ අනෙකුත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වේ. ලෙවිස් ගිල්බර්ට් ගේ “ඇල්ෆි” සිනමාපටය 1967 දී ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ විය.