ජෙනේලියාගේ පැරණි චිත්‍රපටයක් නිකුත් වෙයි
‘බෝයිස්’ දමිල චිත්‍රපටය හරහා රංගනයට එක් වූ ජේනේලියා ද සූසා මේ වනවිට දරුවන් දෙදෙනෙකුගේ මවකි. ජනප්‍රිය හාස්‍යමය බොලිවුඩ් සිනමා නළුවෙකු වු රිතෙක් දේශ්මුක්ගේ බිරිඳ වන ජේනේලියා සිය විවාහයත් සමග රංගනයෙන් මුළුමණින්ම ඉවත් වූවාය.
ඇය 2007 වසරේ හර්මන් බේවාජා සමගින් රංගනයෙන් දායක වූ ‘ඊට්ස් මයි ලයිෆ්’ නම් චිත්‍රපටය මේ වනවිට රූපවාහිනියේ විකාශය කිරිමට අයිතිය ලබාදී ඇත. බොනි කපූර්ගේ නිෂ්පාදනයක් වූ මෙම චිත්‍රපටය පෞද්ගලික හේතු කිහිපයක් මත සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කිරිමට නොහැකි විය.