ජෙනිෆර් ලෝරන්ස් නූලෙන් බේරිලා
ඔස්කාර් සම්මාන නිළිය ජෙනිෆර් ලෝරන්ස් ගමන් ගත් පෞද්ගලික ගුවන් යානයේ ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේම ගොඩ බැස්වීමක් සිදුකර ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම හදිසි ගොඩබැස්වීම හේතුවෙන් කිසිදු හානියක් එම ගුවන් යානයට සිදුවී නොමැති බවය. එමෙන්ම ජෙනිෆර්ට කිසිදු කරදරයක් සිදු වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත. අඩි 31000ක උඩ අහසේ ගමන් කිරීමේ එම ගුවන් යානයේ එන්ජිම අක්රමිකතාවයකට ලක් වූ බවද සඳහන් වෙයි.