ජෙනිෆර්, ඇෆ්ලොක් දික් කසාදයට නීතියෙන් අවසර
2004 වසරේදී විවාහ දිවියට එක්වූ බෙන් ඇෆ්ලෝක් හා ජෙනිෆර් ගානර් පසුගියදා දික්කසාද විය. මාස අටක කාලයක් තිස්සේ නිතිය හමුවේ සිය දික්කසාදය වෙනුවෙන් නිතර ඉදිරිපත් වන්නට සිදු වු ඔවුන් දෙදෙනාට පසුගිය අගෝස්තු 14 වැනිදා නිත්‍යාණුකූලව දික්කාසදය හිමිවිය.
ජෙනිෆර් හා ඇෆ්ලොක්ට දාව දරුවන් දෙදෙනෙකු සිටින අතර, මින් එක් දරුවෙකුගේ භාරකාරීත්වය ජෙනිෆර්ට ලැබි තිබේ. කෙසේ වෙතත්, නිතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් වී ඇති බෙන් ඇෆ්ලොක් මේ වනවිටත් පුනරුප්ථා කඳවුරකට යැවීමට නීතිඥ මාර්ගයෙන් දැනුම්දී ඇති හෙයින් ඔහුට භාර කිරීමට සිටි දරුවාගේ වලකීමද ජෙනිෆර්ට හිමිවෙන ලකුණු පවතින බවට තොරතුරු වාර්තා වෙමින් පවතියි.