'ජුරාසික් වර්ල්ඩ්' දෙවැන්න සමගින් කරලියට පැමිණි Daniella Pineda



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-05-ent-96

හොලිවුඩ් සිනමා කර්මාන්තයේ විශිෂ්ඨ වසරක් ලෙස මෙම වසර හැඳින්විය හැකිය. මේ වසරේ එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපට අතරින් බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් ඇත්තේ පසුගිය වසර වල තිරගත වූ චිත්‍රපටවල දෙවැනි හෝ තෙවැනි නිර්මාණයන්ය. ඒ අතරින් ඉදිරියේදී එළිදැක්වීමට ඇති චිත්‍රපටයක් පිළිබදව අවධානය යොමු වන්නේ එහි ප්‍රචාරක පටය එළිදැක්වීමත් සමගිනි. ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ 05 වැනි චිත්‍රපටය ලෙස එළිදැක්වීමට ඇති ජුරාසික් වර්ල්ඩ් : ෆැලන් කින්ග්ඩම් චිත්‍රපටයයි. 1993 වසරේ තිරගත වූ ජුරාසික් පාර්ක් චිත්‍රපටයත් සමගින් මේ වනවිට චිත්‍රපට 04ක් නිර්මාණය වී තිබේ. 1993 වසරේ තිරගතවූ ජුරාසික් පාර්ක් චිත්‍රපටයත් සමගින් වඳවී ගිය සතුන් කොට්ඨාශයක් ලෙස හැදින්වූ ඩයිනෝසෝර් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. වාණිජමය වූ චිත්‍රපට ලෙස නම් වූ ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාව චිත්‍රපට ක්ෂේත්‍රය තුළ මෙන්ම වෙළෙඳ පොල තුලත් ඉහල ඉල්ලුමක් සහිත නාමයක් විය.

1997 වසරේ තිරගතවූ මෙම චිත්‍රපට මාලාවේ දෙවැන්න වූ ‘ද ලොස්ට් වර්ල්ඩ් : ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයත් විශාල ආදායම් වාර්තා තබමින් තිරගත වූ චිත්‍රපටයක් විය. වාණිජ වශයෙන් නිර්මාණය වෙමින් හොලිවුඩ් කර්මාන්තයේ අනන්‍යතාවයට නව මුහුණුවරක් ලබා දුන් මෙම චිත්‍රපට සඳහා ලෝකයේ ඉල්ලුමක් තිබුණි. 2001 වසරේ තිරගත වූ ‘ජුරාසික් පාර්ක් 3’ සහ 2015 වසරේ තිරගවූ ‘ජුරාසික් වර්ල්ඩ්’ අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැති චිත්‍රපටයක් විය. 2015 වසරේ තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටය සම්පූර්ණ වශයෙන් වෙනත් කාතාංගයක් ඔස්සේ නිර්මාණ වූවකි. එම චිත්‍රපටයේ දෙවැන්න ලෙස මෙම වසරේ එළිදැක්වීමට නියමිතව ඇති, ‘ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කින්ග්ඩම්’ චිත්‍රපටය ජුරාසික් චිත්‍රපට මාලාවට අලුතින් එක්වන චිත්‍රපටය වූවත්, 2015 වසරේ එළිදැක්වූ චිත්‍රපටයේ දෙවැන්නයි. පසුගියදා එළිදැක්වූ ප්‍රචාරක පටයත් සමගින් මෙම චිත්‍රපටය සඳහා බොහෝ දෙනා අවධානය යොමු වී ඇතිබවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2015 වසරේ තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටයේ සිටි ප්‍රධාන චරිත ‘ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කින්ග්ඩම්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූවත්, නවක නිළියක් මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් දායක කර ගෙන තිබේ. ඇය සිනමාවට නවකයෙකු වූවත් ඇයගේ රංගන පිළිබඳව බොහෝ දෙනා කතබහ කරනු ලබන්නේ ‘ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කින්ග්ඩම්’ චිත්‍රපටයේ ප්‍රචරක පටයත් සමගිනි.

ඩැනියෙලා පිනේඩා සිනමාවට මෙන්ම පුංචි තිරයටද නවකයෙකු ලෙසයි ඇයව හඳුන්වනු ලබන්නේ. 2010 වසරේ පුංචි තිරයට පිවිසෙනු ලබන්නේ Men of a Certain Age රූපවාහිනි කතාමාලාව සමගිනි. එම රූපවාහිනි කතාමාලාවත් සමගින් ඇය එම වසරේ තවත් කතාමාලාවක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවනු ලබයි. ඒ CH Originals නම් රූපවාහිනි කතාමාලාවයි. පුංචිතිරයේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදාවූ ඇයට සිනමාවට පා තැබීමට අවස්ථාව උදා වන්නේ 2011 වසරේ තිරගත වූ Newlyweds නම් චිත්‍රපටයත් සමගිනි. මෙම චිත්‍රපට වාණිජමය චිත්‍රපටක් නොවනු අතර, එම චිත්‍රපටය තිරගත වූයේ ඉතාමත් සීමිත දින කිහිපයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. 2012 වසරේ නත්තල වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයක් වන The Fitzgerald Family Christmas චිත්‍රපටයට ඇයට රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා වී තිබේ.

එම චිත්‍රපටයෙන් පසුව ඇය රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනා දැන හැඳින ගනු ලැබීය. එමෙන්ම 2012 වසරේදී ‘Homeland’ සහ Midnight Sun නම් රූපවාහිනි කාතාමාලවන් දෙක සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා වී තිබේ. 2013 වසරේදී ඇයට ලොව සුප්‍රසිද්ධ කතාමාලාවක් වන The Vampire Diaries කතාමාලාව සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා වී තිබේ. ඊට අමතරව 2013 සිට 2014 දක්වා The Originals නම් කතාමාලවට දායක වී තිබේ. 2015 වසරේදී ඇය නැවත සිනමාවට පිවිසෙන්නේ Sleeping with Other People නම් චිත්‍රපටයත් සමගිනි. 2015 වසරේ ඇය නැවත පුංචිතිරයට පා තබන්නේ American Odyssey නම් රූපවාහිනි කතාමාලාවත් සමගිනි. ඇය 2016 වසරේ සිට මේ දක්වා තිරගත වෙමින් තිබෙන The Detour නම් රූපවාහිනි කතාමාලාව සඳහා රංගනයෙන් දායක විය. ඇය පසුගිය වසරේ සිනමා නිර්මාණයන් දෙකක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Mr. Roosevelt සහ Before/During/After නම් චිත්‍රපටයි. ඇයගේ මෙම වසරේ එළිදැක්වීමට ඇති ‘ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කින්ග්ඩම්’ සමගින් ඇයගේ රංගන හැකියාවන් දැක බලාගැනීමට අවස්ථාව උදා වී තිබේ. නවක නිළියක් වූවත් ඇයගේ රංගන හැකියාව පිළිබඳව සතුටුවිය හැකි බවයි චිත්‍රපට විචාරකයන් අදහස් දක්වනු ලබන්නේ.

 

2018-03-05-ent-95  2018-03-05-ent-97