ජුමන්ජි පැරණි මතක නැවතත් අලුත් කරන Karen Gillan



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-12-ent-208

මේ දිනවල පැරණි මතක නැවත අලුත් කරමින් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන ප්‍රචාරක පටයක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඒ 1995 වර්ෂයේ දී තිරගත වූ "ජුමන්ජී" චිත්‍රපටයේ නව නිෂ්පාදනය වන "ජුමන්ජි වෙල්කම් ටු ද ජන්ගල්" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් එළිදැක්වීමත් සමගිනි. "සෝනි" පික්චර්ස් සමාගම විසින් එම ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්වූ අතර, එළැඹෙන දෙසැම්බර් මාසයේදී චිත්‍රපටය එළිදැක්වීමට නියමිතය.

මෙහි ප්‍රධාන චරිතය සඳහා මේ වනවිට හොලිවුඩයේ සුපිරි තරු වන ඩ්වේන් ජොන්සන්, ජැක් බ්ලැක්, කෙවින් හාර්ට්, නික් ජොනස් සහ කරින් ගිලන් දායක වන අතර, අද අපේ අවධානය කරින් ගිලන් පිළිබඳවය.

29 වැනි වියේ පසුවන Karen ක්ෂේත්‍රය පිවිසෙන්නේ 2006 වර්ෂයේදීය. ඇය ක්ෂේත්‍රය තුළ මුල්ම අඩිතාලම දමාගන්නේ රූපවාහිනී නාට්‍ය මාලා ඔස්සේය. ඇයගේ පළමු රූපවාහිනී කතාමාලාව වන්නේ 2006 වර්ෂයේ විකාශනය වූ Rebus ටෙලි නිෂ්පාදනයයි. එය වසර දෙකකට ආසන්න කාලයක් විකාශනය විය. ඉන්පසු ඇයට 2008 වර්ෂයේදී විකාශනය වූ Stacked නම් කතාමාලාවට දායක වීමට අවස්ථාව හිමි විය. ඉන්පසු ඇයට එම වර්ෂයේදීම Doctor Who, Harley Street, The Kevin Bishop Show, Coming up නම් තවත් කතාමාලා 04 ක් සඳහා දායක වීමට අවස්ථාව හිමිවිය. ඉන්පසු ඇය 2009 වර්ෂයේදී The Well නම් ටෙලි නිර්මාණයට එක්වන අතර, 2010 වර්ෂයේ තිරගත වූ Outcast නම් සිනමා නිර්මාණය ඔස්සේ සිනමාවට පා තැබීය. කෙසේ වෙතත් එම නිර්මාණය සම්පූර්ණයෙන්ම පාහේ අසාර්ථක නිර්මාණයක් වූ අතර, ඉන්පසු ඇය නැවතත් රූපවාහිනී ටෙලි නිර්මාණයක් වන Doctor Who Confidential සඳහා දායක විය. එම කතා මාලාව 2011 වර්ෂය දක්වා විකාශනය විය.

2012 වර්ෂයේදී We'll Take Manhattan චිත්‍රපටය ඔස්සේ සාර්ථක වන ඇය 2013 වර්ෂයේදී චිත්‍රපට දෙකක් සඳහා දායක වූවාය. ඒ Not Another Happy Ending චිත්‍රපටය සහ Oculus චිත්‍රපටය සඳහායි. මෙම චිත්‍රපට දෙක අතරින් Oculus නම් චිත්‍රපටය අසාර්ථක විය.

2014 වර්ෂයේදී තිරගත වූ Guardians of the Galaxy චිත්‍රපටය ඇගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූ අතර, එය ආදායම් අතර ඉහළින්ම සිටි චිත්‍රපටයකි. ඉන්පසු ඇය 2015 වර්ෂයේදී චිත්‍රපට 05 ක් සඳහා දායක විය. එමෙන්ම 2016 වර්ෂයේදී එක් චිත්‍රපටයක් සඳහාද මෙම වර්ෂයේදී චිත්‍රපට 05 ක් සඳහාද දායක වී තිබේ. මෙම වර්ෂයේදී දායක වූ චිත්‍රපට අතරින් The Circle පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති අතර, එහි ඇය සමග ප්‍රධාන චරිතයට එමා වොට්සන් දායක වෙයි. ඇයගේ තවත් චිත්‍රපට 04 ක් මෙම වර්ෂයේදී එළිදැක්වීමට නියමිතව තිබෙන අතර, 2018 වර්ෂය සඳහා එක් චිත්‍රපටයක්ද, 2019 වර්ෂය සඳහා එක් චිත්‍රපටයකටද දායක වීමට නියමිතව තිබේ. ඇය 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා රූපවාහිනී කතා මාලා 10 ක් සඳහා දායක වී තිබේ. කෙසේ වෙතත් සිනමාවේ කාර්යබහුල නිළියක් වීම හේතුවෙන් ඇය 2016 වර්ෂයෙන් පසු පුංචි තිරයට සමුදුන් බවද සඳහන් වෙයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 2017-07-12-ent-210 2017-07-12-ent-209