‘ජුමන්ජි’ චිත්‍රපටය ආයෙත් එයි
දෙසැම්බර් මාසයේ හොලිවුඩයේ තිරගත වෙන සුපිරි චිත්‍රපට අතරින් එකක් වන ‘ජූමන්ජි - ද නෙක්ස්ට් ලේවල්’ චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 13 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. 2017 වසරේ තිරගත වූ ‘ජූමන්ජි - වෙල්කම් ටූ ද ජංගල්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස දිග හැරේ.
පළමු චිත්‍රපටයේ රඟපෑ ඩිවොන් ජොන්සන්, ජැක් බ්ලැක්, කෙවින් හාර්ට්, කොරින් ග්ලින්, නික් ජෝන්ස් මෙහිද සුපුරුදු චරිත නිරූපණය කරනු ලබයි. ජැක් කැස්ඩන් මෙහි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, ‘කොළොම්බියා පික්චර්ස්’ සමාගමේ බෙදාහැරික් වෙයි.
2017 වසරේ තිරගත වූ ‘ජුමන්ජි’ චිත්‍රපටයේ යළිත් ‘ස්පෙන්සර්’, ‘බ්‍රිට්නි’, ‘ෆ්‍රෙඩි’ හා ‘මර්තා’ යළිත් සුපුරුදු වයසට එයි. නමුත්, ඔහුගේ සම වයසේ පසුවන තරුණයෙකු නැවතත් ‘ජුමන්ජි’ විඩියෝ ක්‍රීඩාවට පණ දෙක අතර, මොවුන්ද එහ ක්‍රීඩාවට නැවතත් ඇතුල්වීමට සිදුවේ. අලුත් ක්‍රීඩා ඉසව්වකට යොමුවන ඔවුන් එය ජයග්‍රහණය කරා යන අයුරු මෙහි ගලා යයි.