'ජුඩ්වා' තුන්වැනි චිත්‍රපටයකටත් අර අදියි
ලොවපුරා අති සාර්ථක වෙමින් මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයා ගන්නට සමත් වූ ‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපටයේ තුන්වැන්නක්ද මේ වනවිට නිර්මාණය කරන්නට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබෙනවා. මේ බව පසුගියදා එක්තරා ඉන්දීය මාධ්‍යයක් වාර්තා කර තිබුණේ ‘ජුඩ්වා’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ධාවන්ගේ මුවින් මේ බව ඉඟියක් නිකුත් වූ බවයි. එමෙන්ම සල්මාන් වැන්නෙකු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට එක් කරගැනීමටද තමන් බලාපොරොත්තුවෙන් පසුවන බවද ඔහු මෙහිදී පවසා තිබුණ බව සඳහන්. දැනට තිරගත වන ‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපටයේද සල්මාන් ආරාධිත රංගනයක නිරත වෙනවා.