ජීවිත කාලය පුරාම එයාව මගේ කර ගන්න මට වුවමනා වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200623-07

පසුගිය කාලයේ ඉන්දියාව වසා තැබීම සමඟ තම තමන්නේ නිවෙස්වලට කොටු වූ බොලිවුඩ් තරු කාලය කළ අයුරු ඔවුන් සමාජ ජාලවලට එක් කරන අයුරු දකින්නට ලැබුණෙත් කලාවක් ලෙසින්. රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් ලද මේ විවේකය ඉතා අර්ථාන්විතව ගත කළ බව පවසනවා. නිවෙස පිරිසිදු කිරීම, ඉවුම් පිහුම් කටයුකු, මුළුතැන්ගෙය පිරිසිදු කිරීම ආදිය දක්වා නිවෙසේ කටයුතු දෙදෙනා ඉතාම සතුටින් කළ බවට ඔවුන් තම ඉන්ස්ටග්‍රම් ගිණුම්වල සටහන් තැබුවා.

"‍රංගන ශිල්පියෙක් විදියට මට මා පිළිබඳ අවධානය යොමු කිරීම වගේම බිරිය දීපිකා සමඟ කාලය ගත කිරීමට හැකිවීම ඇත්තෙන්ම වටිනා දෙයක්"‍ රන්වීර් පවසනවා.

එපමණක් නොව විවාහයට පෙර රන්වීර් දීපිකා වෙනුවෙන් අධිකව මුදල් වියදම් කළ හේතුවකුත් සඳහන් කළා. ඔහු සෑම දිනකම දීපිකාට මල් යැවීමට අමතක නොකළ බවයි.

"‍මම දැනගෙන හිටියා ඇය මල්වලට, විශේෂයෙන් ලිලී මල්වලට ආසයි කියලා. ජීවිත කාලය පුරාම ඇය මගේ කර ගැනීමට මට වුවමනා වුණා. ඉතින්, ඇය පැමිණෙන සෑම අවස්ථාවකම ඇයට මල් ලැබීමට සැළැස්වීම මගේ කාර්යයක් වුණා. ඇය වෙන කොහේ හරි රූගත කිරීමක නම් මමත් එහි කෙටි චාරිකාවක යෙදුනා"‍ රන්වීර් පවසවා. "‍මල් වෙනුවෙන් විතරක් කොපමණ මුදලක් වියදම් කරනවා දැයි ඔබට වැටහෙනවා දැයි"‍ වරෙක පියා තමාගෙන් විමසූ බවත් ඔහු පවසනවා.