ජියා ඛාන්ගේ මව නැවතත් නඩු මඟට
මීට වසර කිහිපයකට පෙර දිවි නසාගත් බොලිවුඩ් සිනමා නිළි ජියා ඛාන්ගේ මරණය සැක සහිත බව ඇයගේ මව රබියා ඛාන් නැවතත් මුම්බායි අධිකරණයට නැවතත් නඩුවක් ගොනු කොට ඇත. ඇය පවසන්නේ ජියාගේ මරණය සිදු වු දිනයේදී ඇය ඇයගේ පෙම්වතාව සිටි ජනප්‍රිය යොවුන් නළු සරෝජ් පංචාලි සමගින් දුරකතනයෙන් කතා බස් කොට ඇති බවය.
එමෙන්ම ඇයගේ මරණයට සරෝජ් වගකිව යුත්තෙක් බවද ඇය අධිකරණයට පවසා තිබේ. පසුගියදා නැවතත් මෙම නඩුව විභාගයට ත් අතර, සරෝජ් හා ඔහුගේ පියා වූ ආදිත්‍ය පංචෝලිද ඊට සහභාගි විය. නැවතත් සවිස්තරාත්මක සාක්ෂි සහිතව දින කිහිපයකින් මෙම නඩුව යළි විභාගයට ගැනීමට නියමිත බව බොලිවුඩයෙන් වාර්තා වේ.