ජැකී චෑන්ගේ දුව අනාථයෙක් වෙලා
ජැකී චෑන් මේ දිනවල විශාල ගැටලුවකට සඳහා මුහුණදී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ඒ ඔහුගේ දියණිය වන එටා නැන්ග් (Etta Ng Chok Lam) පිළිබඳ වාර්තා වන පුවත් හේතුවෙනි.
ඇය සමලිංගිකයෙකු බව පසුගිය දිනවල ඇතැම් වෙබ් අඩවි විසින් වාර්තා කර තිබුණු අතර, 18 වැනි වියෙහි පසුවන එටා නැන්ග් ජීවත්වන්නේ ගෙයක් දොරක් නැති අසරණ යුවතියක විලසිනි. පසුගිය සතියේ ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ස්ථිර නිවහනක් නොමැති තමන්, දැන් ජීවත්වන්නේ හොංකොං දේශයේ පාලමක් යට බවයි. ජැකී චෑන්ගේ නීත්‍යනුකූල බිරිඳ වන්නේ තායිවානයේ සිනමා නිළියක වන ජොආන්ලින් (Joan Lin) වන අතර, ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1982දීය. ඔවුන්ගේ පුත්‍රයා වන්නේ ජේසී චෑන්ය. මෙම දියණිය උපත ලබන්නේ ජැකී සහ හිටපු රූ රැජිනක වූ එලේනා නැන්ග් අතර තිබූ සම්බන්ධතාව නිසා බව විදෙස් තොරතුරු අනාවරණය කරයි. ඒ 1999දීය. එකල සිටම මෙම දැරිය හදා වඩාගෙන ඇත්තේ එලේන් විසිනි. මේ වනවිට ඇගේද රැකවරණය ඇයට අහිමි වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.