ජැකලින්ට රිය අනතුරක්
ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම චිත්රපටය හේතුවෙන් පැවැත්වූ සාදයේ අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේ නිවස බලා පිටත්ව යාමේදී මෙම මෝටර් රථය අනතුරකට මුහුණ දී තිබේ. ඒ ත්රීරෝදයක රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ. පොලීසිය එම අසලට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්රීරෝද රථ රියදුරු බීමත්ව සිටිබවත් සඳහන් වෙයි. මෙම අනතුරු සිදුවීමේදී අලුයම 2.45 පමණ වී තිබෙන බවත් සඳහන් වෙයි.