ජැකලින්ට චෝදනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-04-19-ent-61

අසූව දශකයේ තිරගත වූ තේසාබ් හින්දි චිත්‍රපටයේ මධුරි ඩික්ෂිත් විසින් රංගනයේ යෙදෙන ‘ඒක් දෝ තීන්’ ගීතය නැවත නව ආරකින් නිර්මාණ කරනු ලැබුවේ ‘භාගී 2’ චිත්‍රපටය සඳහාය. එම ගීතය වෙනුවෙන් නර්තනයේ යෙදෙන්නේ ජැකලින් ෆර්නැන්ඩිස් විසිනි. එහි ඇයගේ නර්තනය සරාගී බව නිසාවෙන් ඇයට බොහෝ චෝදනා එල්ල වී තිබේ. අසූව දශකයේ මධුරි විසින් රඟ දැක් වූ මෙම ගීතය නැවත විකෘති කිරීම හේතුවෙන් එහි අධ්‍යක්ෂකවරයා වන අහමඩ් ඛාන්ටද බොහෝ දෙනා චෝදනා කර තිබේ. ඒ සඳහා ඔහු පවසා ඇත්තේ මෙවැනි විවේචන බලාපොරොත්තුවෙන් මෙම ගීතය නැවත නිර්මාණ කර ඇති බවය.

 

2018-04-19-ent-60