ජැකලින්ට අනතුරු පිට අනතුරු
‘ජුනි 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත රේමෝ ඩි සූසාගේ ‘රේස්’ තුන්වැනි චිත්‍රපටය සඳහා සම්බන්ධ වූ නළුනිළියන් වෙනුවෙන් සාදයක් එහි ප්‍රධාන චරිතය නිරූපණය සල්මාන් ඛාන් ඔහුගේ ‘ගැලක්සි’ නිවසේදී පසුගියදා සංවිධානය කොට තිබුණි.
මෙම සාදයේ රාත්‍රී 10ට පමණ ආරම්භ වී අලුයම 2.30 දක්වා පැවැත්වුණ බව සඳහන් විය. මෙම සාදය නිමාවී සිය නවාතැන් පොළ කරා යන අතරතුරදී ජැකලින් මුම්බායි නගරයේ කටාර් විදියේදී රිය අනතුරකට මුහුණ දී ඇත. කෙසේ වෙතත්, මින් ජැකලින්ටත් ඇගේ රියදුරාටත් කිසිදු හානියක් නොවුණ අතර, රථයට තරමක් හානී සිදුවි ඇත.
කෙසේ වෙතත්, මෙම රිය අනතුරට මුහුණ දුන් ත්‍රිරෝධ රියදුර බීමත්ව සිටි හෙයින් මෙම අනතුර සිදුව බව පැහැදිලි විය. ඔහුට එරෙහිව මුම්බායි පොලිසිය නීතිය ක්‍රියාත්මක කොට තිබුණ අතර, ජැකලින් හා රියදුරා කට උත්තර කිහිපයක් ගැනීමෙන් පසුව නිදොස් කොට පිටත් කර ඇත.