ජැකලින් නිසා සිද්ධාර්ත් සහ ආලියාගේ පෙම අවසන්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170904Alia-1

බොලිවුඩ් තිරයේ මෙන්ම සැබෑ දිවියේද පෙම්වතුන් දෙදෙනෙකු වන සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ ආලියා භාට්ගේ පෙමට වසර 05ක කාලයක් ගතවන බවයි සඳහන් වන්නේ. මෙම වසර 5ක් පුරා තිබුණු සම්බන්ධතාවය ගැන විවිධ කටකතා පසුගිය කාලයේ වාර්තා වූවා. එහිදී වරින්වර අනාවරණය කළේ මොවුන් දෙදෙනාගේ නුරුස්සන ස්වභාවයක් ඇති බවයි. මේ ගැන මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශන් කළද ඔවුන් දෙදෙනා ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැහැ. තමන් අතර පෙම් සබඳකමක් පවතින බව හෝ පැවතුණු බව ඔවුන් දෙදෙනා පිළිනොගන්නා බවයි සඳහන් කරන්නේ.

මෙම පෙම් සම්බන්ධය බිඳී යාමට හේතුව වන්නේ ජැකලින් ෆර්නෑන්ඩස් බවයි බොහෝදෙනෙකු සඳහන් කරන්නේ. මෑතකදී තිරගත වූ ‘‘අ ජෙන්ට්ල්මන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ සිද්ධාර්ත් සහ ජැකලින් දෙදෙනායි. මේ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහන්වලට, ප්‍රියසම්භාෂණවලට සිද්ධාර්ත් සහ ජැකලින් පෙම් යුවළක් මෙන් පැමිණීම ආලියාගේ දැඩි නොසතුටට හේතු වෙලා. ඇය සිද්ධාර්ත්ව ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒ නිසා බවයි සඳහන් වන්නේ.

20170904Alia-2