ජාන්වී, කුෂි දෙන්නා කපූර් නිවසට
ශ්‍රී දේවි, බොන් කපූර්ට දාව උපන් ජාන්වි හා කුෂි දියණියන් මුම්බායිහි අනිල් කපූර්ගේ නිවසේ පදිංචියට ගොස් තිබෙන පුවතක් වාර්තා වේ. බොනි කපුර්ට අයත් නිවාස කිහිපයක්ම මේ දිනවල වසා දමා තිබෙන අතර, බොනි කපූර්ද මුම්බායිහි තට්ටු නිවාසයක් මිළඳි ගෙන තිබෙන බව සඳහන් වේ.
ජාන්වි මේ දිනවල ‘දඩක්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා සිය සහෝදරයා වූ අර්ජූන් කපූර් සමගින් සහභාගි වෙන බව දැන ගැනීමට ලැබේ. කපූර් පවුල සඳහන් කරන්නේ ජාන්වි හා කුෂි දෙදෙනාට ශ්‍රී දේවිගේ අඩුව නොදැන්නෙන්නට මෙම පියවර ගත් බවය. අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර් ජාන්වි හා කුෂි දෙදෙනා සිය නිවසට ඉතා උණුසුම්ව පිළිගත් බව මෙම තොරතුරු සඳහන් කර සිටියි.