ජාන්විගේ අම්මා
ශ්‍රී දේවිගේ වැඩිමහලූ දියණිය ජාන්වි කපූර් ක්ෂේත්රයට පිය තබන්නට සූදානමින් සිටින්නීය. එහෙත් ක්ෂේත්රයේ ස්වභාවය පිළිබඳව පැහැදිලි වැටහීමක් තමා දියණියට ලබා දී ඇතැයි 53 හැවිරිදි ශ්‍රී දේවි පවසන්නීය. මාධ්‍යවල පළවෙන යම් යම් දේවල් නිසා කැළඹෙන දියණියගේ හිත හදන්නේ ශ්‍රී දේවිය. ”එක දවසක් මාධ්‍යවල පළ වෙලා තිබුණා සාදයකදී ජාන්වි ජනප්‍රිය නළුවෙක් දැලේ දාගන්න උත්සාහ කළා කියලා. ඒක එහෙම්පිටින්ම බොරුවක්. ඇය එදා හිටියේ චිත්‍රපටි අධ්‍යක්ෂිකා ගෞරි සින්දේ එක්කමයි. ආරම්භයේ ඉඳලම අහන්න සිද්ධ වෙන ඒ වගේ දේවල් හින්දා ඇය ක්ෂේත්රයට බය වෙන්න ඉඩ තියෙනවා” ශ්‍රී දේවි කියයි.
නළු නිළියන් බොහෝ දෙනෙක් සහභාගී වූ සාදයකදී ජාන්වී රන්බීර් කපූර් පසුපසම කැරකුණ බවට පුවත් ඕපා¥ප කොලම්වල සටහන් වී තිබිණි. ජාන්වී කලබල වුණේ ඒවා කියවූවාට පසුවයි.
බොනිගෙයි මගෙයි දුව විදියට ඇය දැනටමත් ප්‍රසිද්ධ චරිතයක්. ඒ වගේ අයට කතන්දර හැදෙනවා කියන එක තේරුම් ගන්න ඕන. අපිට ඒවා නවත්තන්න පුළුවන්කමක් නෑනේ. හැබැයි මම මගේ දුව ගැන හොඳටම දන්නවා. ඒ වගේම මම හුඟක් මිත්‍රශීලී අම්මා කෙනෙක්. මගේ දුවලට ඕනම දෙයක් මාත් එක්ක කතා කරන්න පුළුවන්” ශ්‍රී දේවි කියන්නීය.
ශ්‍රී දේවි රඟපාන ‘මාම්’ චිත්‍රපටිය ජුලි 07 දා සිට තිරගතවීමට නියමිතය. මේ දිනවල ඇය එහි ප්රචාරක කටයුතු නිසා කාර්යබහුලව සිටින්නීය.