ජාන්වි කපූර්ගේ මිළඟ චිත්රපටය
පසුගිය වසරේ තිරගත වූ කරන් ජොහර්ගේ ‘දඩක්’ චිත්රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණි ජාන්වි කපූර් තමන්ගේ මිළඟ චිත්රපටය සඳහා මේ දිනවල සූදානම් වෙන බව වාර්තා වේ. ඒ දිනේෂ් විජානි අධ්යක්ෂණය කරන ‘රෝ අෆ්සා’ චිත්රපටය වේ. ඇය මෙහි ද්විත්ව චරිතයක් නිරූපණය කරන බව සඳහන් වේ.
අත්භූත කතා තේමාවක් ඇතුළත් මෙම චිත්රපටයේ ජාන්වි පෙනි සිටින්නේ ජනප්රිය බොලිවුඩ් සිනමා නළු රාජ්කුමාර් රාඕ හා වරූන් ෂර්මා සමගය. මෙම චිත්රපටය 2020 වසරේ මාර්තු 20 වැනිදා ප්රදර්ශනය කිරිමට නියමිත අතර, මැයි මස අගදි ‘රෝ අෆ්සා’ චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.