ජස්ටින් බීබර් පිය පදවිය සූදානම්..
වර්තමානයේ ලෝකයේ වැඩිම රසික පිරිසක් සිටින පොප් ගායකයා බවට පත්ව සිටින ජස්ටීන් බීබර් පිය පදවිය ලැබීමට සූදානමින් සිටින පුවතක් මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවි තුළ උණුසුම් අන්දමින් සංසරණය වෙමින් පවතියි. පසුගිය සති කිහිපයේදීම ජස්ටීන් බීබර් හා ඔහුගේ බිරිඳ හේලී දික්කසාද වූ පුවතක් වාර්තා වූ නමුදු එය හුදෙක් කට කතාවක් බවට මේ වනවිට පත්ව තිබේ.
කෙසේ වෙතත්, දික්කසාද කතාවෙන් පසුව බීබර් ගැන පළවන අලුත්ම පුවත වන්නේ ඔහු හා හේලි නුදුරේම මාපියන් බවට පත්වීමට සූදානමින් සිටින පුවතය. දැනට බීබර්ගේ සමිපතමයන් පවසන්නේ එම කතාවේ සත්‍යතාවයක් ඇති බවය.