ජස්ටින් බීබර්ට වසඟ වූ බොලිවුඩ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-27-ent-18

ජස්ටින් බීබර් විසින් ඉන්දියාවේදී පවත්වනු ලබන පළමු ප‍්‍රසංගය නැරඹීමට මැයි 10 දා පටිල් ක‍්‍රීඩාංගණයට යාමට බොහෝ බොලිවුඞ් තරු දැන් තියාම සූදානම් වන බැව් දැන ගන්නට ලැබී තිබේ. සෝනාක්ෂි සිංහ, සිධාර්ත් මල්හෝත‍්‍රා, ටයිගර් ෂ්රොෆ්, මලයිකා අරෝරා ඛාන්, සනී ලියෝන් ආදීහු ඒ අතර වෙති.

තරු දරුවෝද මේ අපූරු ගායකයා දැක ගැනීමට පුල පුලා බලා සිටිති. ෂාරුක් ඛාන්ගේ දරුවන් වන අර්යාන් සහ සුහානා, ආක්ෂේ කුමාර්ගේ පුතු ආරාව්, සුනිල් ෂෙට්ටි ගේ දියණිය අනියා පුතු අහාන්, ශ්වේතා බච්චන්ගේ දියණිය නව්‍යා නවේලි නන්ද, ශ්‍රී දේවි ගේ හා බොනී කපූර්ගේ දියණිය ජාන්වි, සයිෆ් අලි ඛාන්ගේ දියණිය සාරා සහ පුතු ඉබ‍්‍රාහිම් මේ වනවිටත් ඔවුන්ගේ ප‍්‍රවේශ පත‍්‍ර ලබාගෙන අවසානය.

‘‘ඒ විතරක් නෙමෙයි ඒ.ආර්. රහමන්ගෙ දරුවොයි, සල්මන් ඛාන්ගෙ ඥාති දරුවොයි එන්න බලාපොරොත්තු වෙනවා....’’

ප‍්‍රසංගයේ සංවිධායකයෙකු පැවසීය.

වෙයාර් ආර් යූ නව්, බෝයි ෆ්‍රෙන්ස්, ලව් යුවර්සෙල්ෆ්, කම්පැනි, ඈස් ලෝන්ග් ඈස් යූ ලව් මී පමණක් නොව තවමත් ජනප‍්‍රියත්වය ගිලිහී නැති බේබි ගීතයද මේ ප‍්‍රසංගයේදී ගායනා කරන්නට ජස්ටින් බීබර් බලාපොරොත්තු වෙයි.

 

 2017-04-27-ent-17 2017-04-27-ent-16