'ජලිබ්' චිත්රපටයේ සුපිරි රංගනයක යෙදෙන රියා
අතිශය ජනප්රිය වූ ‘සොනාලී කේබල්’ චිත්රපටයේ ප්රධාන චරිතය නිරූපණය කළ රියා චක්රබෝර්ති රඟන අලුත්ම චිත්රපටයක් පසුගිය ඔක්තෝබර් 12 වැනිදා ප්රදර්ශනය ආරම්භ කරනු ලැබීය. මෙහි ‘අයේෂා’ නම් පෙම්වතියකගේ චරිතයක් නිරූපණය කරන රියා මෙම චිත්රපටයේදී නවක නළු වරූන් මිත්රා සමග තොල් සිප ගැනීම් දර්ශන 35කට අධික ප්රමාණයකට දායක වෙන බව වාර්තා වේ.
මීට පෙර රියා රංගනයෙන් දායක වූ ‘සොනාලී කේබල්’ චිත්රපටයේද මෙවැනි දර්ශන කිහිපයකටම ඇය රංගනයෙන් එක්ව සිටි බව සඳහන් වේ. මෙම චිත්රපටය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 1.1ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත.සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්රපටයේ රියා කරන රංගනය ඉතා ඉහළ මට්ටමක පවතින බවය.