ජර්මනියේ  ග්‍රීන් වෝල්ට් කෞතුගාරය සොරු බිදියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-91

ජර්මනියේ ග්‍රීන් වෝල්ට් (Green Vault) කෞතුගාරය යනු යුරෝපයේ විශාලතම නිධන් වස්තූන්ගෙන් පිරි සුවිශේෂී ඓතිහාසික කෞතුකාගාරයකි. 1723 දී ඉදිකළ එය ලෝකයේ පැරණිතම කෞතුකාගාරය යැයි කියනු ලැබේ.

කෙ‍‍සේ වෙතත්, අද (25) අලුයම් ජාමයේ කෞතුකාගරය බිඳ දමා පැහැරගෙන ගිය වස්තු සම්භාරයේ වටිනාකම යුරෝ බිලියනය කි(ඇ.ඩො. මිලියන 850).

කෞතුගාරයට යාබද පාලමක් පාන්දර ගිනිගත් අතර ඊට මොහොතකට පසු ප්‍රදේශයේම විදුලිය විසන්දි වී ඇත. ඒ මොහොතේ කෞතුගාරයට හොරු කඩා වැදී ඇතැයි ද මෙම ක්‍රියාවන් ද්විත්වය කෞතුගාරය බිඳීමට සම්බන්ධ යැයි ද ජර්මන් පොලිසිය පවසයි.

කෞතුගාරය ස්ථාපනය කර තිබු‍‍ණේ ඉපැරණි ඩ්‍රෙස්ඩන්ගේ රාජකීය මාලිගාවේ ය. එහෙත්, විදුලි බිඳවැටීම් තිබියදීත් නිරීක්ෂණ කැමරා ඒවා වීඩියෝ පටයට හසු කර ගනු ඇතැයි පොලිසිය අපේක්ෂා කෙරේ. අද උදෑසන කෞතුකාගාරයේ වෙබ් අඩවියේ දැන්වීමක දැක්වෙන්නේ 'සංවිධානාත්මක හේතූන් මත' ගොඩනැගිල්ල අද වසා ඇති බවයි.

 

සටහන : උපාලි ජයසිංහ