ජයලලිතාගේ ජීවිත කතා චිත්‍රපටයකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-23-ent-63

වසර කිහිපයක්ම දකුණු ඉන්දීය මහා ඇමතිනි ලෙස කටයුතු කළ සිනමා නිළි ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා මේ වනවිට චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පී. භාරතිරාජා සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

හින්දි හා දමිල භාෂාව ඇතුළුව මෙම චිත්‍රපටය භාෂා කිහිපයකටම නිර්මාණය කරන්නට භාරතිරාජා බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් වේ. කෙසේ වෙත්, ජයලලිතාගේ චරිතය සඳහා තවමත් නිළියක් තෝරා ගෙන නොමැති අතර, බොහෝ විට බොලිවුඩ් සිනමා නිළි අයිශ්වර්යා රායි හෝ දකුණු ඉන්දීය සිනමා නිළි අනුෂ්කා ෂෙට්ටිගෙන් කෙනෙකු මෙම චරිතයට තෝරා ගන්නට භාරතිරාජා බලාපොරොත්තු වෙන බව දැන ගැනීමට ලැබේ.