ජයලලිතාගේ චිත්‍රපටය අලුත් කෙනෙක්
තමිල් නාඩුවේ මහා ඇමතිණි ලෙස කාලයක් තිස්සේ කටයුතු කළ දිවංගත ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයට අලුත් සිනමා නිළියක් මේ වනවිට තෝරා ගෙන ඇතැයි වාර්තා වේ. ඒ දමිල, තෙළෙඟු, කන්නඩ චිත්‍රපට බොහෝමයක රඟපෑ නිත්‍යා මෙනුන්ය.
‘ද අයන් ලේඩී’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයට මීට පෙර තෝරා ගෙන තිබුණේ බොලිවුඩ් සිනමා නිළි අයිශ්වර්යා රායි හා දමිල සිනමා නිළි අනුෂ්කා ෂෙට්ටි දෙදෙනාය. එහෙත්, මේ වනවිට ඔවුන් දෙදෙනා සිනමා නිර්මාණ හේතුවෙන් කාර්යබහුල වී ඇති බව දන්වමින් මෙම චිත්‍රපටයෙන් ඉවත්ව ඇත.
නිත්‍යා අවසන් වරට අතිශය ජනප්‍රිය වූ විජේගේ ‘මර්සල්’ චිත්‍රපටයේද රඟපෑ අතර, පසුගිය කාලයේ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට කිහිපයක් සඳහාම ඇය රංගනයෙන් දායක වූවාය.