ජයලලිතා වෙනුවෙන් කංගනා තැබු සටහන
තමිල්නාඩු මහ ඇමතිනි ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම්ගේ ජිවිතක්ෂයට පත්ව සිවුවසරක කාලයක් පසුගිය දෙසැම්බර් 05 වැනිදාට යෙදි තිබුණි. ඒ වෙනුවෙන් බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවුත් ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා ශෝකය පළ කොට තිබුණි.
එමෙන්ම මේ වනවිට ඇය ජයලලිතාගේ ජිවිත කතාව අලලා නිර්මාණය වන ‘තලවි’ චිත්‍රපටය ඡායාරූප කිහිපයක්ද සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා පළකොට තිබුණ බව වාර්තා වෙයි. ‘තලවි’ චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනය තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වෙයි.