‘ජයලලිතා’ චිත්‍රපටය ජුනි 26 වැනිදා
දකුණු ඉන්දියාවේ සඳා නොමැකෙන චරිතයක් වූ හිටපු මහා ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කළ ‘තලවී’ චිත්‍රපටය එළැඹෙන ජුනි 26 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවුත් විසින් නිරූපණය කරන අතර, ‘ජයලලිතා’ගේ සැමිය වන MGRගේ චරිත දකුණු ඉන්දීය සිනමා නළු අර්වින්ද් ස්වාමි නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටයේ වර්තමානයේ අතිශය ජනප්‍රිය විජේ දෙවර්කොන්ඩා හා ප්‍රියාමනි සෙසු චරිත සඳහා දායකව සිටියි. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය දමිල භාෂාවෙන් පමණක් නොව හින්දි ඇතුළු තවත් භාෂා කිහිපයකින්ද ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.