ජය පරාජය සම සිතින් ඉවසන සෝනාක්ෂි සිංහ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-20-ent-04

පරාජයට වඩා ජයග‍්‍රහණය විසින් බොහෝ මිනිසුන්ගේ ජීවිත විනාශ කරනු ලබන බැව් සෝනාක්ෂි සිංහ පවසයි. ඇය සිය චිත‍්‍රපටි අතිශයින් සාර්ථක වූ විට උඩ පැන නටමින් සිනාසෙන්නේවත් අසාර්ථක වූ විට මුල්ලකට වී හඬා වැටෙන්නේවත් නැත. ඇය සන්සුන්ව ඊළඟ චිත‍්‍රපටියට සූදානම් වන්නීය. මම ඉගෙනගෙන තියෙන්නේ දිනුම පැරදුම දෙකම සම සිතින් බාර ගන්න.

ළඟදීම තිරගත වීමට නියමිත නූර් චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගී වෙමින් සෝනාක්ෂි පැවසුවාය.

ජනප‍්‍රිය නළුවෙකුව සිට ඉනික්බිති දේශපාලනයට පිවිසි ශත්රුගන් සිංහගේ දියණිය වන 29 හැවිරිදි සෝනාක්ෂි ක්ෂේත‍්‍රයට පා තැබුවේ සල්මන් ඛාන් සමඟ ඩබාන්ග් චිත‍්‍රපටියේ රඟපාමිනි. ඇගේ රවුඞ් රතෝරේ හොලිඬේ වැනි චිත‍්‍රපටි ආදායම් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය විණි. ලූතෙරා ඇය රඟපෑ වෙනස්ම ආකාරයේ චිත‍්‍රපටියකි.

අපේ‍්‍රල් 21දා සිට තිරගතවන නූර් අපරාධ පරීක්ෂණ කතාවක් සහිත හාස්‍යජනක චිත‍්‍රපටියකි. එයට පසුබිම් වී ඇත්තේ කරච්චි යූ ආර් කිලින් මී නම් පකිස්තාන් නවකතාවය. කරච්චි නගරයේ වාසය කරන 20 හැවිරිදි වාර්තාකාරියක වන අයේෂා බොන්ගේ කතාව මේ නවකතාවේ අඩංගු වෙයි. ‘‘මේ චිත‍්‍රපටිය නරඹන අයට මට දෙන්න තියෙන පණිවිඩය මේකයි.... ලෝකය වෙනස් කරන බලය යෞවනයන්ට තියෙනවා.... ඔවුන්ගේ හඬ ඉතාම වැදගත්...’’ සෝනාක්ෂි කියන්නීය.